(නාලක සංජීව දහනායක)
පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් කර රුපියල් මිලියන 85 මුදලක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
ඛණිජ තෙල් මිළ සංශෝධනයට අදාල මුදල් අමාත්‍යංශය විසින් නිර්මාණය කළ මෙම දැන්වීම් මෙම වසරේ මැයි මාසයේදී සිංහල, ඉංග‍්‍රීසී හා දෙමළ පුවත්පත්වල පළකර තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.