මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර


නිමන්ති රණසිංහ
 
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 

 
2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.