(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
මිලි මීටර් 12 ක් ඝණකමින් යුත් දඟර කම්බි 22 ක් තත්පර 48 ක් තුල සිය හිසින් නවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජානක කාංචන මුදන්නායක අද උත්සාහ කළේය.
මහනුවර රථගාලේ උඩුමහලේදී අද සවස මෙම ලෝක වාර්තාව පිහිටුවීමේ උත්සාහය ගත්තේය.
මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක, පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, කර්මාන්ත සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආමේනියානු ජාතික ආමේනියන් ඇඩොල්ෆ් විනාඩියක් තුල යකඩ කම්බි 18 නැවීමේ වාර්තාව බිඳ දැමීම මුදන්නායක මහතාගේ උත්සාහය විය.