
(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය ජනතාවට වසන් කර, වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ශ්‍රී ලංකාවේ බෞද්ධ,හිංදු, ඉස්ලාම්, ක්‍රිස්තියානි,සහෝදරත්වය සහජීවනය ආරක්ෂා නොකරන බවට චෝදනා කරමින් මිලානෝ චෙන්ත්‍රාලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතර තුර එම ස්ථානයට ආ තවත් පිරිසක් පාස්කු ප්‍රහාරයට ‘‘රාජපක්ෂලා වගකිව යුතු බවට‘‘ චෝදනා කරමින් කෑ ගැසීමට නිසා උද්ඝෝෂණය අතරමඟ නතර කිරීමට සංවිධායකයන්ට සිදු වීය
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන තිබේ.
ශ්‍රි ලංකිකයෝ පිරිසක් විවිධ සටන් පාඨ සඳහන් පුවරු රැගත් ප්‍රදර්ශනය කරමින් කලු කොඩි අතැතිව හා කලු වර්ණයෙන් සැරසී මෙම උද්ඝෝෂණය එක්ව සිටියහ.
මෙම උද්ඝෝෂණය අතරතුර එක්සත් ජාතික පක්ෂයට හිතවත් බව කියන පිරිසක් එහි කඩා පැන මයික්‍රෆෝනයට බලහත්කාරයෙන් රැගෙන "රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුය" යනු වෙන් චෝදනා කිරිම නිසා උද්ඝෝෂණය නවතා දැමීමට සිදුවු බව සංවිධායකයෝ පවසති.
කිසිදු පුද්ගලයකුට හෝ කිසියම් පිරිසකට සෘජුව හෝ වක්‍රව චෝදනා කිරීමට තමන්ට හා උද්ඝෝෂණය සංවිධානය කර පිරිසට අවශ්‍ය නැති බවත් එම ප්‍රහාරයේ වින්දිතයන්හට යුක්තිය ඉටු කර දිම සඳහා ශ්‍රී ලංකා රජයට බලකිරීම තම වෑයම බවත් මෙම උද්ඝෝෂණයෙහි කැඳවුම්කරු කුමාර අජිත් මහතා පැවසීය.




