මිලානෝ ලංකාරාමයේ වෙසක්


වෙසක් පොහොය වෙනුවෙන් මිලානෝ ලංකාරාමයේ 250 වැඩි දෙනෙක් සිල් සමාදන් වූහ. දරුවෝ බෝසත් ළමා වැඩසටහනට ද  සහභාගී වූහ. දහවල් විශේෂ දළදා පුජාව පැවැත්විණි.   මෙවර   ලංකාරාම තරුණයෝ  පහන් කූඩුවක් ද නිර්මාණය කළහ.ඔලබොඩුවේ ධම්මික හා කොටිකාවත්තේ ධම්මකුසල හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්  ලංකාරාම දායක සභාව උත්සව කටයුතු සංවිධානය කළේය.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලිචියා රොන්සුල්ලි ද, ඉතාලි පර්ලිමෙන්තුන් මන්ත්‍රී ලුකා ස්කුඑරි  ද, නගර සභා උපදේශක මනොලෝ ලුසෙත්ති  ද මීඩියා සෙත්තේ රුපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂක ජනරාල් ජෝවන්නි තොති මහතාද පින්කමට එක්වූහ .