පොසොන් පොහොය නිමිත්තෙන් මිලානෝ ලංකාරාමයේ 'පොසොන් උදානය' සීල භාවනා හා අටවිසි සම්බුද්ධ පුජාව ඇතුළත් පිංකම් රැසක් ජුනි මස 7 ඉරිදා උදේ 7.00 සිට දවස පුරා පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් එදින 'සිල් සියපත' යොවුන් හා වැඩිහිටි භාවනා වැඩසටහනක් ද පැවැත්වේ.


