මිල්කෝ උද්ඝෝෂණයට කිරි නොඑරේ


පාංශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා  සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ‘මිල්කෝ ආයතනය‘ එම අමාත්‍යංශයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යංශයෙන් ඉවත් කැර වෙනත් අමාත්‍යංශයකට එක් කරන ලෙසත් සමාගමේ පරිපාලනය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් මිල්කෝ සේවකයන් කළ වැඩ වර්ජනය අදත් පැවැත් විණි.

මිල්කෝ සමාගමේ නාරහේන්පිට  පිහිටි කර්මාන්ත ශාලාවේ  සිට විරෝධතා පා ගමන නාරාහේන්පිට අභයරාම විහාරස්ථානය දක්වා ගමන් ගත් අතර එම අවස්ථාවට සේවකයෝ 600කට අධික පිරිසක් එක් වුහ.