මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට


රංජන් කස්තුරි 

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාවය මත මේ වනවිට  මිල සූත්‍රයක් සකස් කර තිබෙන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් එය ලබන සතියේ  කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.

මිල සූත්‍රය සකස්කළ පසුව ලෝක වෙළඳපළේ ඉන්ධන මිලහි උච්ඡාවචනයට අනුව මිල නියම වන අතර එමගින් පාරිභෝගිකයින්ට සහ භාණ්ඩාගාරය යන දෙපාර්ශ්වයටම  සාධාරණයක් ඉටුවන බවද පැවසේ. 

ඉන්ධන මිල  අවසන් වරට 2015 වසරේ සංශෝධනය කෙරිණි.