(විනීතා එම් ගමගේ)
මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ක‍්‍රියාත්මක කරන බව කී රජය මිල සූත‍්‍රය ජනතාවට නොපෙන්වා මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.
මිල සූත‍්‍රය කුමක්දැයි ජනතාවට බලා ගත හැකි අකාරයට ප‍්‍රසිද්ධ කරන ලෙස ද එම ව්‍යාපාරය රජයට බල කර සිටින බව එහි කැඳම්කරු රංජිත් විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
රාජ්‍යයේ දුෂණය ඉහවහා ගොස් ඇති මෙම අවස්ථාවේ එම දුෂණ නැවැත්වීම සදහා පිළියම් නොකරන රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම සදහා කටයුතු කරමින් සිටිතැයි කී විතානගේ මහතා මෙරට මැති ඇමතිවරුන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත් කළ ජනතාව එදා වේල සොයා ගැනීම සදහා දැඩි සටනක නියැලීමට සිදුව ඇතැයි ද කීය.
ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමනාකරන හැකියාව මැනවින් ඉස්මතු වී ඇති අතර විෂය පිළිබදව මෙලොව දැනුමක් නොමැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ ගණනාවක් කොමිස් ගනිමින් ජනතාවගේ මුදල් මහ දවල් කොල්ල කෑම නිසා දිනෙන් දිනම ලංකාව ආර්ථික අගාදයකට ඇද දමමින් සිටින බව කිසිවෙකුටත තේරුම් ගත නොහැක්කේ රජය විසින් ජනතාවට කථා කීරීම සදහා විවිධ මාතෘකා විටින් විට කරළියට ගෙන ඒම නිසා බව තම විශ්වාසය යැයි ද ඔහු කියා සිටියේය.