( තිළිණි ද සිල්වා )
මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලයකදී විදේශිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවූයේ යැයි කියන සිද්ධියට අදාළ නීතිමය කටයුතු සඳහා සිද්ධියට මුහුණ පෑ විදේශිකයින් යළි මෙරටට ගෙන්වීමට සියළු වියදම් රජයෙන් ගෙවීමට සුදානම් බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (20) පැවසීය.
එම සිද්ධියට මුහුණ පෑ එම විදේශිකයින්ට මෙරටට පැමිණ පරීක්ෂණ සඳහා සහාය දෙන්නැයි ද ඔවුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා මිරිස්ස ප‍්‍රදේශයේ සංචාරක හෝටලයකදී නෙදර්ලන්ත හා බි‍්‍රතාන්‍ය ජාතිකයින් තිදෙනෙකුට හිරිහැර සිදුවිණි යැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු වල ප‍්‍රගතිය දැනුවත් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (20) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡා වකට සහභාගී වෙමිනි.
ඔවුන් මෙරටට ගෙන්වීමේදී වැයවෙන සියලූ ගමන් වියදම් , ගුවන් ටිකට් පත් සහ නවාතැන් පහසුකම් රජයේ මුදලින් ගෙවීමට සූදානම් බව සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධය යැයි සැකකෙරන පුද්ගලයින් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 26 වැනිදා අධිකරණයේ සිදු කෙරන බවත් , ඔවුන් හඳුනා ගැනීමට එම විදේශිකයින් සහාය දෙන්නේ නම් එම පරීක්ෂණ තවත් ශක්තිමත් වන බවය.
එසේම මෙම සිද්ධියත් සමඟ මෙරට සංචාරක් කර්මාන්ත දැඩි බලපෑමක් එල්ල වූ බැවින් අදාළ සිදුවීමට මුහුණ පෑ විදේශිකයින් අයත් රටවල් හි තානාපතිවරුන් හා අනෙක් සියලූම රටවල් තානාපතිවරුන් ලබන 25 වැනිදා කොළඹදී එක් රැස් කොට සිදු කරන පරීක්ෂණ සම්බන්ධ දැනුම්වත් කිරීමටද බලා පොරොත්තු වන බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කියා සිටියේය.