(පුෂ්පකුමාර ජයරත්න)
රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව මියයන පුද්ගලයකු සම්බන්ධයෙන් රෝහලකදී අංශ කිපයකින් ඉටුවිය යුතු සියලුම නීතිමය ක්‍රියාදාමයන් ඒකරාශි කර පහසුවෙන් ඉටුකරදිය හැකි නවතම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරිමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරුයකු සමත් වී තිබේ.
සෞඛ්‍ය සේවයට සම්බන්ධව වෛද්‍යවරයකු මෙවැනි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
සහකාර අධිකරණ වෛද්‍ය එන්.ඒ.සී.චමින්ද මහතා මෙම මෘදුකාංගයේ නිර්මාණකරු වේ. මේ වනවිට මෙම මෘදුකාංගයේ සැකැස්ම පරික්ෂාවට ලක් කෙරෙමින් පවතී.
අධිකරණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු හතරේම කටයුතු සම්බන්ධීකරණය කිරිම මෙම මෘදුකාංගය මගින් සිදුකෙරේ.