(එන් පරමේෂ්වරන් , රොමේෂ් මධුෂංඛ)
පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියන්මාර් ජාතිකයින් මිරිහාන රැඳවුම් කඳවුර වෙතට යොම කරවන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළේය.
මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කැරුණු යාත්‍රාවේ කාර්ය මණ්ඩලය වූ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා නීතිපති උපදෙස් පරදි රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන ලෙසටද මල්ලාකම් මහේස්ත්‍රාත් සඳහන් කළේය.
මෙම පිරිස අතර වයස අවුරුදු 09 ට අඩු කුඩා ළමුන් 15 දෙනෙකුම සිටින අතර එයන්ද අත දරවන් 7 දෙනෙකුම සිටිති.

