(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරි සේවයේ යෙදී සිට 16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පත් කර ඇති බවද හෙතෙම කීය.
එම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා , කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විදයාව පිළිබද විශේෂඥ වෛද්‍ය අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන මහත්මහත්මීන් අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම දැරියගේ සිරුර ගොඩ ගැනීම මෙම (30) සිකුරාදා ඩයගම සුසාන භූමියේ දී සිදුකරන බවත්, ප්‍රදේශය බාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු සිදුකරන බවද හෙතෙම කීය.
මෙම දැරිය මියගිය ආකාරය, දැරිය දුෂණයට ලක්වී ඇත්ද , එසේනම් එම කාල පරිච්ඡේදය කුමක් ද, මෙම දැරියට කෲර වද හෝ වෙනත් ක්‍රියා සිදුකළ කර ඇති ද යන්න මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ඉහත ත්‍රිපුද්ගලය විශේෂඥ අධිකරණ මණ්ඩලය විසින් පරීක්ෂණ පවත්වා වාර්තා ලබා ගැනීමට නියමිතව ඇති බවද හෙතෙම කියා සිටියේය.
දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු සදහා අදාල ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් සහභාගි වීමට නියමිත බවද හෙතෙම කීය.

