මියගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි - රවි කියයි


තමාගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුව මියගිය කාන්තාව හා තුවාල ලැබූ පුද්ගලයින් දොළොස් දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (31) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
තමා වෙනුවෙන් ගෙන් ගෙට ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටියදී වෙඩි ප‍්‍රහාරයට ගොදුරුව මිය ගිය කාන්තාව අහිංසක තිදරු මවක් වන බවත් ඇයට වෙනුවෙන් හා අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම සහනයන් ලබා දෙන බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.