(රොමේෂ් මධුෂංඛ)
යාපනය සුලිපුරම්හිදී ඝාතතය කැරුණු දැරියගේ පරීක්ෂණ කටයුතු ගැන සෑහීමකට පත් විය නොහැකි බව කියමින් ප්‍රදේශවාසීහු සහ පාසල් සිසුහු පිරිසක් යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) උදෑසන විරෝධතාවක් පැවැත්වූහ.
අදාල විරෝධතාව හේතුවෙන් මණිප්පායි - පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.
මිය ගිය හය හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මරනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීම් පිළිගත නොහැකි බවටත්, පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත් ළමා රක්ෂණ අධිකාරියත් තවම විමර්ශන ආරම්භ කර නැති බවටත්, දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යතු බවටත් බල කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.
06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගෙ මළ සිරුර පසුගිය 25 වැනි දා සුලිපුරම්හි ළිඳක තිබී සොයාගත් අතර පසුව මරනය ගෙල සිර කොට සිදු කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරනය විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.