ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමදිවාකර මහතා අද (29) නියෝග කළේය.
සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේත්‍රාත්වරයා නියම කළේය.
මිනුවන්ගොඩ නගරයේ කළහකාරීව හැසිරිම සම්බන්ධයෙන් සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව අද (29) මීගමුව බන්ධනාගාරය මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.
අනෙක් සැකකරුවන් සිව් දෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බව පරීක්ෂණ වලදී අනාවරණය වූ අතර ඔවුන්ව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 19 දෙනාගෙන් 15 දෙනෙකුට විරුද්ධව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරියේ දී කටයුතු කිරීමට සුදානම් වන බව අධිකරණය හමුවේ පවසා සිටියේය.
ඇප නියම වූ සැකකරුවන් 15 දෙනාට ජුනි 7 වැනි දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

