මිනුවන්ගොඩ අඹගහවත්ත තටාකයක් වෙයි


(ශානුක අරවින්ද)

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්, මිනුවන්ගොඩ - ⁣කොළඹ මාර්⁣ගයේ අඹගහවත්ත ප්‍රදේශය ජලයෙන් ය⁣ට වී තිබේ.

ඊයේ (1 වැනිදා) රාත්‍රියේ සිට නො⁣නවත්වාම ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අඹගහවත්ත පාලම අසළ ප්‍රදේශයද ජලයෙන් යටවී තිබේ.

ජලය ගලා ඒම හේතුවෙන් නගරයේ ඇතැම් කඩසාප්පු වසා දමා තිබේ.

මේ වන විට මිනුවන්ගොඩ නගරය අවට දැඩි මාර්ග තදබදයක් පවතී. මිනුවන්ගොඩ- කොළඹ මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් බස් රථ රියැදුරෝ මෙම වාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරමින් සිටිති.

වාහන තදබදය මැඬ පැවැත්වීම සඳහා මිනුවන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් යොදවා තිබිණි.