මිනුම්දෝරුවෝ අද සිට දින තුනක් වැඩ වරති



 
අමල් වික්‍රමරත්න

 
රජයේ මිනුම්දෝරු සංගමය අද (14) සිට තෙදිනක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසීය.

මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ සියලුම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමට යැයි පවසමින් මෙරට සියලුම ඉඩම්  මිනුම්ගත කිරීම සදහා රහසිගත ගිවිසුමක් මගින් ඇමරිකානු සමාගමකට පැවරීමට අගමැතිවරයා කටයුතු කිරීමට එරෙහිව මිනුම්දෝරුවෝ මෙම වැඩ වර්ජනය කරති.