මිනී පෙට්ටිය පාරේ


වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගාලූ පාරේ තබා මිනිත්තු 20ක් පුරා පොලිසියට විරෝධය පළ කැරිණි. ඔහුගේ පුත් සම්පත් තුෂාර (20) කීවේ පියා මරා දැමූ අය නීතිය හමුවට ගෙන එන ලෙස ජනපතිගෙන් ඉල්ලන බවයි. පොලිසියේ 200ක් පමණ කැඳවා තිබිණි.