මිනී පෙට්ටි විරෝධය අවසන්


වල් අලි ප්‍රහාරයකින් මියගිය ගැමියකුගේ දේහය සහිත පෙට්ටිය අනුරාධපුර - පුත්තලම පාරේ උළුක්කුලමේ තබා විරෝධය පෑම නිසා පැය එක හමාරක් පමණ වාහන ගමනාගමනය නතර විය. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ කලබලය ද සංසිදුවා පාර ද විවෘත කැර අවමඟුල් කටයුතු වලට ද මඟ පෙන්වීය.