මිනී පෙට්ටි -මල්වඩම් නිසා දකුණු පළාත් සභාව උණුසුම් වෙයි


(ඩී.ජි.සුගතපාල)
 
දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුවට විරෝධය පළ කරමින්  අද (26) පැවති සභා රැස්විමට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණිම නිසා සභාවේ හා ඒ අවට  උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
 

ගාල්ල  ප්‍රධාන මාර්ගයේ  සිට මිනී පෙට්ටිය සහ මල් වඩම් රැගෙන පැමිණි මන්ත්‍රිවරු ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරින්ගේ විරෝධයද නොතකා  සභා ශාලාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට පැමිණියේය.
 
පසුව රැගෙන ආ මිනී පෙට්ටිය සහ මල් වඩම්  සභා ශාලාවේ  ප්‍රධාන දොරටු අසළ තබා  විරෝධය පළ කිරිම නිසා සභා ශාලාවට ඇතුලුවිමට නොහැකිව බොහෝ දෙනෙකු ශාලවෙන් පිටත රැඳි සිටියහ.