මිනිහෙක් බසයක් ගිනි තබයි


තන්තිරිමලේ යෑම සඳහා සෙනසුරාදා සන්ධ්‍යාවේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නතර කර තිබූ ලංගම බස් රියකට අලුත්ම ලංගම බස් රියක් ගිනි තැබූ මගියකු අල්ලා පොලිසියට භාර දීමට බසයේ රියදුරා හා හමුදා සෙබළෙක් සමත්වූහ.

බසයේ වාඩි වී සිටි මේ පුද්ගලයා ගිනිකූරක් ගසා බසයට දමන්නට පෙර බූලියකින් පෙට්‍රල් ටිකක් ද හැලූ බව පොලිසිය කියයි.

හොඳටම තුවාල ලබා සිටි ඔහු රෝහල් ගත කරනු ලැබ සිටී.