මිනිසුන් විකුණූ ලාංකිකයා ප්‍රංශයෙන් අල්ලයි


ජාත්‍යන්තර මිනිස් ජාවාරමක මහ මොළකාරයා යැයි සැකපිට යාපනයේ වැසියකු වූ දයාකරන් මර්කණ්ඩු නැමැති අයකු ඇල්ලූ බව ප්‍රංශ පොලීසිය ප්‍රකාශයට පත්කොට ඇත. 2010 වර්ෂයේදී කැනඩාවේ දී අත්අඩංගුවටගත් සන් සී නමැති නෞකාවට ශ්‍රී ලාංකික සරණාගතයන් 500 ක් සපයන ලද්දේ මොහු විසින්යැයි සැකයක් පවතී. ප්‍රශ්න කිරීම් සදහා කැනඩාවට රැගෙන යාමට නියමිත ඔහුට විරුද්ධව කැනඩාව නඩු පැවරීමට නියමිතය.