වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්වන ආකාරයට පළවන තොරුතුරු සිය ගිණුම්වලින් ඉවත් කරගන්නා ලෙස ට්විටර් සමාගම ජනයාගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස්, විශේඥයන්ගේ අදහස් වැරදි ආකාරයට භාවිත කරමින්, ව්‍යාජ ප්‍රතිකර්ම ට්විටර් සමාජ මාධ්‍යවල හුවමාරු කරන්නන්ට එරෙහිව කටයුතු කරන බවද සමාගම පවසයි.
මේ බව සඳහන් කරමින්, ට්විටර් සමාගම නව උපදෙස් මාලාවක් සිය බ්ලොග් අඩවියේ පළ කර තිබේ.
ඉකුත් ජනවාරි මාසයේදී කොරෝනා වයිරසය පිළිබඳව මුහුණුපොතින් පළ වූ අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව ෆේස්බුක් සමාගම ගෙන ගිය දැඩි ක්‍රියාමාර්ගය අනුව යමින් ට්විට්ර් සමාගමද මෙම පියවර ගැනීමට තීරණය කර තිබේ.
දෑත් සේදීම, සබන් සමාගම් වෙනුවෙන් කරන ප්‍රචාර, වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට සුගන්ධමය ශාක සාර සහ තෙල් යොදාගෙන කරන ප්‍රතිකාර භාවිතය සුදුසු බවට වන ප්‍රචාර වැනි දෑ පවා ඉවත් කරන බව ට්විටර් සමාගම කියයි.

