(කාංචන කුමාර ආරියදාස)
මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් හෙට (15) විරෝධතා ක්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි.
ජනතාවට හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම බව පවසා ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමරිකාවේ ආයතනයකට බාරදී රට තවත් ණය උගුලක පැටවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකර දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.
මේ ක්‍රියාවලිය නතර නොකළ හොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඇති රක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් මෙමගින් පැන නගින බවයි. රටේ ඇති පැරණිතම දෙපාර්තමේන්තුවට අතතියන්නට රටේ ජනතාවට හැර විදේශිය කිසි කෙනකුට නොදෙන බවත් එහි වගකීම කර මතට ගෙන රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව සමඟ එළියට බහින බවත් විරෝධතාවේ දී කදුළු ගෑස් ගසා හෝ පහරදී ඉවත් කිරීමට නොහැකි බවත් ඇතැම් විට ලේ වැගිරීමක සිදුවීමට ඉඩ තිබෙන බවත් ඔහු කීවේය .


