අජන්ත කුමාර අගලකඩ
මිනින්දෝරු වර්ජනය සංවර්ධන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බව ඇමැතිවරුන් ගණනාවක් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
මහාමාර්ග සංවර්ධනය,මහ නගර සංවර්ධනය ආදි සංවර්ධන කටයුතු රැසක් මේ නිසා නතර කරන්නට පවා සිදුව ඇතැයි ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
සංවර්ධන කටයුතුවලදී මෙය බරපතල අර්බුදයක් වී ඇති බැවින් මිනින්දෝරු වර්ජනය විසඳීමට වහා මැදිහත්විය යුතු යැයි ද ඇමැතිවරන් එහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.