මගීන් 110 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන ඇල්ජීරියායේ ඇල්ජියර්ස් අග නුවරට පියාසර කරමින් සිටි ඇල්ජීරියා ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු පනහකට පසු සන්නිවේදන සබඳතා නැති වු බව ඇල්ජීරියා රජයේ පුවත් සේවය කියයි.
ස්පාඤ්ඤයේ ස්විෆ්ට් ඒයාර් ගුවන් සමාගම මෙම යානය කුලීයට ගෙන තිබිණි.
මගීන් 116 දෙකු රැගත් ඇල්ජීරියා යානය නයිජර් ප්‍රදේශයේ දී කටා වැටෙන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.

