මින්නේරියේදි බර වාහනයක් කළු පාලමෙන් පහළට


ක.ග කරුණාරත්න

පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල් බර වාහනයක්  මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (10) කළු පාලමෙන් පහළට පෙරළී යාම නිසා එහි රිය සහයකයෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
 
තුවාලකරු ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කොට ඇත.
 
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැය 02 කට ආසන්න කාලයක් ඇනහිට විශාල රථ වාහන තදබදයක් ද පැවතුණි
 
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ මද වැසි තත්වයක් පැවති බවත්, වාහනයේ තිරිංග තද කළ පසුව ලිස්සා ගොස් එය පාරෙන් ඉවතට පැන අනතුර සිදුවූ බවද  එහි රියදුරා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
 
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.