
(චාපා මධුභාෂිණී)
මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ගලවාගෙන ඇත.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට පොලොන්නරුව ප්‍රදේශයේ විනෝද චාරිකාවක පැමිණි කණ්ඩායමක් පසුගියදා විනෝද චාරිකාව නිමාකොට යමින් සිටියදී මින්නේරිය ජලාශයේ දිය නෑමට බැස ඇත.
මෙම විනෝද චාරිකාවේ පැමිණි ඒකම පවුලේ ඥාතීන් 8 පමණ දියනෑමට වැවට බැස ඇති අතර පසුව මෙම පිරිසේ සිටි වයස අවුරුදු 10 සහ 11 දියණියන් දෙදෙනා දියේ ගිලෙනු දැන මෙම දියණියන්ගේ මවද ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට යාමේදී මොවුන් තිදෙනොම දියේ ගිලී ඇත.
පසුව ඒම ස්ථානයේ රාජකාරීව සිටි මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළදාරීන් විසින් මෙම මව සහ දියණියන් දෙනොගේ දිවි ගලවා ගැනීමට කටයුතු කර ඇත.

