
(ටී.කේ.ජී.කපිල )
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
ඔහු මෙරට තුළ මිනීමැරුම් , මංකොල්ලකෑම් , ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකදීම චෝදනාවට ලක් වී සිටින්නෙකි.
මිදිගම චූටි අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේද නිකුත් කර තිබූ අතර , ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

