මිදිගම අනතුර සිදුකළ හමුදා නිලධරයාගේ සේවය අත්හිටුවයි


වැලිගම, මිදිගම ගුරුබැවිල ප්‍රදේශයේදී තිදෙනකුට මරු කැඳවූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ ලුතිනන් කර්නල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද පියවර ගත් බව යුද හමුදා මූලස්ථානය කියයි.

වැටුප් රහිතව මාතර ආපදා කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කළ එල්.බී.අත්තනායක ලුතිනන් කර්නල්වරයාගේ  සේවය අත් හිටුවා ඇති අතර රිය අනතුර සම්බන්ධයෙන් හේවා බළකායේ විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේන හා නීති අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක කර්නල් එඩ්වඩ් ජයසිංහ යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.