(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරචිචි )
මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු උස්වැවගෙදර , දෙබොක්කාව ප්‍රදේශයේ පදිංච්කරුවෙකු වන අතර , ඔහු මෙම ත්‍රිත්ව ඝාතනයට අමතරව මනුෂ්‍ය ඝාතන , ජීව අත් බෝම්බ ලග තබා ගැනීම සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය යන චෝදනා රාශියක් සදහා මිද්දෙණිය , ඌරුබොක්ක , වලස්මුල්ල සහ මිද්දෙණිය යන මාතර කොට්ඨාශයේ පොලීසි රාශියකට අවශ්‍යව සිටි සැකකරුවෙකි .
මෙම ත්‍රිත්ව ඝාතනයේ දී විදානගමගේ අරුණ ප්‍රියන්ත , ඔහුගේ දියණිය සහ පුත්‍රයා වෙඩි වැදීමෙන් ඝාතනය වී තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පළා ගොස් ව්‍යාජ නමකින් පෙනී සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරටට ලබා දුන් තොරතුරු මත ඔහු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (25 )දින කටුනායකට පිටුවහල් කර එවා තිබුණි .