මිතුරාට පහරදී කප්පම් ඉල්ලයි


(ඩි ජී සුගතපාල)

මිතුරාට පහරදි ජාතික හැඳුනුම්පත කොල්ලකා එය ආපසු දිමට රුපියල් පන් දහසක කප්පමක් ඉල්ලා සිටි තිදෙනෙකු උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගේම මිතුරන් තිදෙනෙකි.

පැමිණිලිකරු උඩුගම දකුණ පදිංචි විසිඅට හැවිරිදි කම්කරුවෙකු වන අතර ඔහු අලුත්වත්ත හන්දියට පැමිණි අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඔහුට පහරදි සාක්කුවේ තිබු ජාතික හැඳුනුම් පත බලෙන් ලබාගෙන ඇත එය ආපසු ඉල්ලුවිට එය ආපසු දිමට නම් රුපියල් පන් දහසක් අවශ්‍ය බව සැකකරුවන්  පවසා ඇත.

 ඔහු එය ප්‍රතික්ෂේප කළ විට අනෙක් සැකකරුද එම ස්ථානයට පැමිණ හැඳුනුම්පත ආපසු දිමට නම රුපියල් පන් දහසක කප්පමක් අවශ්‍ය බව පැවසිම නිසා ඔහු පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර තිබේ.

 ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය සැකකරුවන් තිදෙනාම අත් අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකුගේ කමිස සාක්කුවේ තිබි කොල්ලකන ලද හැඳුනුම්පතද සොයාගෙන ඇත.
 

 

 

 

 

 

 

 

 

 

 

 


head -
------------------------------
(කේ ඩි දේවපි‍්‍රය) 
         
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහැර මංගල්‍ය (18) වැනි දින රාති‍්‍ර අති උත්කර්ෂවත් අයුරින් විදි සංචාරය කරනු ලැබීය.

18 වැනිදින රාති‍්‍ර 7.33 ට යොදුණු සුභ නැකතින් පෙරහැර මංගල්‍ය දෙවියන් වැඩම වීමෙන් පසුව ආරම්භ වු අතර උඩරට. පහත රට සබරගමු හා කතරගම දෙවියන්ට ආවේණික වු මොණර හා කාවාඩි නැටුම් අංග රැසක් එක් කර ගනිමින් පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා විදි සංචාරය කරනු ලැබීය.

බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාද පෙරහැරේ 18 වැනි දින රාත‍්‍රියේ දී් ප‍්‍රථමයෙන් ගමන් කිරිම ද විශේෂයක් වු අතර පෙරහැර නැරඹීම පිණිස හිංදු .බෞද්ධ. මුස්ලිම්. බැතිමතුන් රැසක් පුජා භූමියට පැමිණ සිටියහ.

 මෙවර තවත් විශේෂත්වයක් වන්නේ පාද වන්දනාවෙන් උතුරු නැගෙනහිරි සිට පා ගමනින්ම බැතිමතුන් 28647 දෙනකු පෙරහැර ආරම්භ වු පසු ගිය 13 වැනි දින සිට මේ දක්වා පැමිණිමයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රජපක්‍ෂ මහතා පැවසුවේ ලබන 22 වැනි දින වනවිිට දි මෙම පිරිස් 35000 ක් ඉක්ම වු පිරිසක් පැමිණිමට සිටින බවයි.