මිතුරන්ට අත දෙන්න සිතුවම් අඳියි


පූර්ණ අබාධිත තත්වයට පත් තම සගයින්ට පිළිසරණක් වීම සඳහා තම හැකියාවෙන් චිත‍්‍ර ඇඳ ප‍්‍රදර්ශනයක් කිරීමටත් එම චිත‍්‍ර භාවිතා කරමින් සුබ පැතුම් පත් සකසා අලෙවි කර ලැබෙන මුදල් අරමුදලකට බැරකිරීමටත් තවත් අබාධිත හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් වන ප‍්‍රදීප් ද සිල්වා මහතා උත්සාහ කරයි.

ප‍්‍රදීප් ද සිල්වා මහතා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රාජකාරී කරද්දී මීට වසර  16කට පෙර සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී තම සහෝදර නිලධාරියෙකුගේ ගිනිඅවිය පත්තු වීමෙන් වෙඩි වැදී ආබාධිත තත්වයට පත්වී සිටී.

 පසුගිය වසර විසිපහක කාලයක් ඇතුළත තමන් සේම ආබාධිත තත්වයට පත්වූ තවත් සහෝදර නිලධාරින් හය දෙනකු වෙනුවෙන් ඔහු මෙම අරමුදල පිහිටුවීමට බලාපොරොත්තු වේ.

මුද්‍රණය කරනු ලබන සුබ පැතුම් පතක් මිලදී ගෙන මෙම අරමුදල තර කර ගැනීම සඳහා දායක වන ලෙසද සියලූ රාජ්‍ය ආයතනවලින් හා පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටින බව ප‍්‍රදීප් ද සිල්වා මහතා පවසයි.

දුරකථන අංක 0718186342 ඇමතීමෙන් හෝ 146/2 , මාදිවෙල පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයෙන් තොරතුරු ලබාගත හැකිය.

11705512_88171106523201510207152_4037604853599111446_o 11986491_908512332557025_572015102071950376852306097_n 12074804_927640457310879_503907173201510202290022584_n