ගම්පහ, මාකේවිටදී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකදී එක් අයකුට ගලකින් පහරදී ඝාතනය කළ සැකකරුවකු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (28) දක්වා රිමාන්ඩ් කිරීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත බණ්ඩාරනායක මහතා නියෝග කළේය.
හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට සැකකරු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් මහර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළ අතර එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ මාරිමුත්තු තිලක් කුමාරන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.

