(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු බරපතල අපරාධයන් සම්බන්ධයෙන් හා ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය සිකුරාදා නිකුත් කළ වාර්තාව අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් නිකුත් කළ වාර්තාව පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර සිටියේය.
යාපනයේ පිහිටි සුමන්තිරන් මහතාගේ නිවසේ ඊයේ(9) වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව අවධාරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද සදහන් කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිකුරාදා (9) ශ්‍රී ලංකාව පිළිබද සිය වාර්තාව නිකුත් කර සිටියා.මෙය ගතවූ සිව් වසර තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ දෙවන ලිඛිත වාර්තාවයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී 2017දී සම්මත කරගත් 34/1 යෝජනාව මගින් 2015 වසරේදී ශ්‍රීලංකාවේ අනුග්‍රහය හා එකගත්වය ඇතිව සම්මත කරගත් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රීලංකාවට ලබාදුන් දෙවසරක කාලය අවසන් වීම මූලික කරගනිමින් කොමසාරිස්වරිය මෙම වාර්තාව නිකුත් කර සිටියා.
කොමසාරිස්වරියගේ මෙම වාර්තාව දෙමළ ජාතික සන්ධානය විදිහට අපි අගය කරනවා.ඒ වගේම තත්වය තේරුම් අරන් මෙවන් වාර්තාවක් සකස් කිරීම ගැන අප ස්තුති වෙනවා.කොමසාරිස්වරියගේ වාර්තාවේ අවසන සදහන් වෙනවා 30/1 යෝජනාවට අනුව පසුගිය කාලයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් ඇතුළු බරපතල සිද්ධීන් ගැන විමර්ශනය කරන්න සහ ඒවාට පිළිතුරු දෙන්න යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය එකගත්වය පලකරල තියෙනව.එවන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ශ්‍රීලංකාවට අනාගතයක් දකින්න පුළුවන් වන බවද ඇය පෙන්වා දී තිබුනා.
2018 මාර්තු මාසයේදී ශ්‍රීලංකාවේ සුළු ජාතීන්ට එරෙහි කෝලහාලයක් ඇතිවීමට හේතුව 30/1 යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම කියලත් එතුළින් පෙන්වා දී තිබුනා. එපමණක් නොව 2018 ඔක්තෝබර් මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව රටතුළ ඇතිකළ දේශපාලන අර්බුදය ගැනද මෙතුළින් අප්‍රාසදය පලකරල තිබුනා.මේ සියල්ලටම හේතුව සංහිදියාව හා වගවීම සම්බන්ධයෙන් නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම කියලත් අවධාරණය කර තිබුණා..
අතුරුදහන් වූවන් සෙවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ ස්ථාපිත කළ කාර්යාලයේ මන්දගාමී තත්වය ගැනද පෙන්වා දී තිබෙනවා.එසේම අගතියට පත්වූ පාර්ශව හමුවී සාකච්ඡා කර කටයුතු කිරීම අගය කිරීමටද ලක්කර තිබෙනවා.නමුත් අතුරුදහන් වූවන් වෙනුවෙන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම විශාල අඩුපාඩුවක් බවද එම වාර්තාවේ දැක්වෙනවා. එහි ශ්‍රීලංකා රජය සිදුකල යුතු කාරණාවන් මනාව පෙන්වල දීල තියෙනවා.
ජාතීන් අතර සංහිදියාව ඇතිකිරීම සදහා ජනතාව සමගින් සාකච්ඡා කරමින් ඇති කරගත් යාන්ත්‍රණය ක්‍රියාත්මක කළයුතු බවටත්,වගවීමේ යාන්ත්‍රණයද ක්‍රියාත්මක කළයුතු බවටත්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රීලංකාවේ පිහිටුවීමට ශ්‍රීලංකාව කවුන්සිලයෙන් ඉල්ලීමක් කළයුතු බවටත්,ඒ කාර්යාලයේ කාර්යන් සදහා තාක්ෂණික සහාය රජය විසින් ලබාදිය යුතු බවටත්,පොලිසිය,හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත අපයෝජන,වදහිංසාවන්ට ලක්කිරීම් තහනම් බවට ඉගැන්විය යුතු බවටත් මෙම වාර්තාවෙන් බලකොට තිබෙනවා.
එමෙන්ම ආරක්ෂක හමුදාවට අවශ්‍ය ඉඩම් ගැන විමර්ශනය කිරීම සදහා ස්වාධීන කමිටුවක් පත්කර අතිරික්ත ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවටත්.ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිළිගැනෙන රෝම නීතියට ශ්‍රීලංකාව එකගත්වය දැක්විය යුතු බවටත්,ශ්‍රීලංකාවේ එකගත්වය ඇතිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ස්ථාපිත කළයුතු බවටත් ජාත්‍යන්තර අපරාධ වශයෙන් පිළිගැනෙන අපරාධ මේ අධිකරණය යටතේ විභාග කර යුක්තිය ඉටුකල යුතු බවත් සිය වාර්තාවෙන් තවදුරටත් අවධාරණය කර තිබෙනවා.එමෙන්ම සාක්කිකරුවන් ආරක්ෂා කිරීමටද ශ්‍රීලංකා රජය වගබලා ගතයුතුයි කියල අවධාරණය කර තිබෙනවා..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ඒ වෙනුවට නව නීතියක් ක්‍රියාත්මක කළයුතු බවත් අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලයට විශාල මුදලක් වෙන්කරන ලෙසත් මෙකී සියළු කාර්යන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවත් එම වාර්තාවෙන් අවධාරණය තිබෙනවා..
මෙවන් වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කිරීම අගය කරන අතර නිශ්චිත කාල නියමයකට අනුව මෙකී කාර්යන් සිදුකිරීමට ශ්‍රීලංකාවට නියම කළ යුතුයි.ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ අප ශ්‍රීලංකාවට කාල දිගුවක් ලබාදීමට එකගත්වය පලකරල ඉල්ලීම් කරල තියෙනවා සමහරු අසත්‍ය ප්‍රචාරයන් සිදුකරනවා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට යාවිද නොයාවිද නිර්දේශිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකාවට අනිවාර්ය කරල තියෙනවා.මේ යෝජනාව මගහරින්න කඩකරන්න බැහැ කියන එකයි අපේ අදහස.මෙනිසා තවත් තෙවසරකට හරි ශ්‍රීලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධීක්ෂණය සිදුවිය යුතුයි කියල අප ඉල්ලනවා.
එමෙන්ම ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට යන නව යෝජනාව ගෙන ඒමට ජනාධිපතිවරයාත් ව්‍යාජ දෙමළ දේශප්‍රේමී පාර්ශවයනුත් බාධා පමුණවනවා.ජනාධිපතිවරයා එවන් උත්සහායක් ගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග කරා දෙමළ ජාතික සන්ධානයත් අවතීර්ණ වෙනවා.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් අවධාරණය කළ සියළු කරුණු කාරණාක්ම දෙමළ ජාතික සන්ධානය අගය කරනවා.ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට මේ දේවල් බාර කිරීමට අප කැමති නැහැ කියලයි බාධා කරනවා කියලයි කරන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ශ්‍රීලංකාව මේ වනතෙක්ම රෝම ප්‍රඥාප්තියට අත්සන් කර හෝ එකග නොවීම නිසාවෙන් තමයි මෙරට තුළ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ස්ථාපිත කරන්න බැරි වෙලා තියෙන්නෙ කියල අපි ඒ පාර්ශව වෙත පෙන්වා දෙනවා.යැයිද සුමන්තිරන් මහතා කීය.

