මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 ක බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග


නිමන්ති රණසිංහ
 
 
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි. 
 
මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව අද (29) කැඳවු අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දීය.
 
එසේම මිග් යානා සිද්ධියට අදාළව ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනෙකුෙග් බැංකු ගිණුම් 40 ක් පරීක්ෂා කිරීමට ද අධිකරණයේ අවසර ලැබිණි.