අල්ලස් හා දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (04) ඔහු ක්වාලාලම්පූර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නජීබ් මහතා විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්දයෙන් චෝදනා නගා ඇති අතර රාජ්‍ය සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන 700ක් වංචා කිරීම සම්බන්දයෙන් වරදකරු වී ඇති බව පැවසේ.
ඔහු විසින් පරිහරණය කරන ලද මෙම අරමුදලේ ගනන්හිලව් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි.
නජීබ් මහතා මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු සිදු කළ විමර්ශන මගින් මෙම තොරතුරු සොයාගෙන තිබේ.
හිටපු අගමැතිවරයාට මැලේසියාවෙන් පිටවීම ද තහනම් කර ඇත.
(බීබිසි ඇසුරිණි - 085)

