මැලේසියානු අගමැති ලංකාවට


මැලේසියානු අග්‍රාමාත්‍ය දාතුක් සේරී නජීබ් රසාක්  ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින්නේ යැයි එරට පුවත්පත් වාර්තා කරයි.

එම පුවත් වාර්තා තහවුරු කරමින් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා දින දෙකක නිල සංචාරයක් සඳහා ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 
 
“වසර 2020 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ හමුව මැලේසියාවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා” යැයි එම නිවේදනවල දැක්විණි. 
 
මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සමඟ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ඉහළ පෙළේ නායකයන් හමු වීමට ද නියමිතය. 
 
055 
ඡායාරූපය ඒ.එෆ්.පී