මැල්සිරිපුර වැවක් වනසයි


මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ  රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමතියි ගැමියෝ කියති.

විශාල වළවල් හැරීම නිසා ළිං ජලයද හිඳී ඇතැයිද ඔවුහු පවසති.

ගිවිසුමට පටහැනිව වැලි ගොඩ දමන බවට ලැබුණු තොරතුරු නිසා දෙසතියකට පමණ පෙර එය නතර කළ බව හිරියාල වාරිමාර්ග ඉංජිනේරු එස් එම් ජයමාන්න මහත්මිය කියයි.

ඇය එසේ කීවත් දිගමට වැලි ගොඩ දමන බව  එහි ගිය එසැණ දුටුවේය.

ට්‍රැක්ටර් දහයක් පහළොවකත් පමණද ටිපර් තිහ හතලියක්ද වැලි ඇදීමට යොදවා තිබිණි.

ගැමියන් පැවසුයේ මේ වැඩේ නිසා කන්න කිහිපයක්ම කුඹුරු වගා කිරීමට නොහැකි වු බවයි.

වැව විනාශ කිරීමට එරෙහි වන අයට මරණිය තර්ජන එල්ල වන බවත් ප්‍රබල දේශපාලනඥයකු මේ පිටුපස සිටින බවත් ගැමියෝ පවසති.