මැරුණු තිදෙනා හඳුනා ගනි


වත්තේගම තවලංතැන්නේ සිට කොළඹට තේ ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් හා වැලි ගෙන ඒමට මහියංගනයට යමින් සිටි ටිපරයක් කෑගල්ල රංවල දී ගැටී පාරේ සිටි තරුණයන් දෙදෙනකු හා ලොරි රියදුරකු මිය ගිය බව කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම තරුණයන් දෙදෙනා අලුයම පහට පමණ පාරේ සිටීමට හේතුව මෙතෙක් හෙළි වී නැතැයි ද, කිසියම් පිරිසක් ඔවුන් දෙදෙනාට පහර දී පාරට ගෙනත් දැමුවේදැයි සැකයක් පවතින බව ද පොලිසිය පවසයි.