මැරයනට බියෙන් බස් දඹුල්ලෙන් නවතී.


යාපනය, අනුරාධපුර, වවුනියාව ආදී ඈත පෙදෙස්වලින් කොළඹ බලා යෑමට ආ පෞද්ගලික බස් පනහක් පමණ දඹුල්ලෙන් ගමන නවතා බස් මගීනට මුදල් ගෙවනු දැකිය හැකිවිය. මඟදී තම බස් වලට පහර දීමට මැරයන් යොදවා ඇතැයි කියමින් රියදුරෝ ජීවිතාරක්ෂාව පතා ධාවනයෙන් ඉවත්වූහ. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය රියැදුරනට කරුණු කියාසිටියත් දඹුල්ලෙන් ධාවනය වූයේ ලංගම බස් පමණි.