මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි


බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය කියයි. යුදධ හමුදාවේ සිටි බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වේ.

ප්‍රතිවාදි අපේක්ෂකයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා ඔවුන් යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.