(මොහොමඩ් ආසික්)
අංකුඹුර පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයකු සේවය අවසන්ව නිවසට යමින් සිටියදී අංකුඹුර අලවතුගොඩ මාර්ගයේදී දරුණු මැර ප්‍රහාරයකට ලක්ව මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
2017 ඔක්තෝබර් මස 30 වනදා සවස 5.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මුදුනකඩේ ප්‍රදේශයේදී මැර පිරිසක් ඔහු ගිය යතුරුපැදිය නවතා උප පොලිස් පරීක්ෂකවරයාට තියුණු ආයුධවලින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා අංකුඹුර රෝහලටත් එතැනින් මහනුවර මහ රෝහලටත් ඇතුළත් කරනු ලැබූ අතර මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට වැඩි කාලයක් ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.
මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අංකුඹුර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් පසුව ඇප මත මුදා හැර තිබිණි. කෙසේ නමුත් උප පොලිස් පරික්ෂකවරයා මිය යාමෙන් පසුව එම සැකකරුවන් නැවත අත් අඩංගුවටa ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

