මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි


(යොහාන් භාසුර)

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර හිමි ස්ථාන හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍ර සහිත ස්ථාන හෙට (1) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නීතිය උල්ලංඝනය කරන සුරාසැල් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 1913 ට එම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.