(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරයේ සුන්දරත්වයට සිටුවා තිබු සයිප්‍රස් ගස් ඇතුළු රජයේ විවිධ දේපොළ වලට ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්ව සිටි පිරිස් විසින් හානි කර තිබෙණු අයුරු අද (07) දක්නට ලැබිණි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැළිය හා රැස්වීම නුවරඑළිය එළිමහන් රංග පීඨ භූමියේදි වතු කම්කරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම මැයි දින සැමරුමට බස් රථ විශාල ප්‍රමාණයකින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි වතු කම්කරුවන්ට මැයි දින සැමරුම පැවැති ස්ථානය කුඩා වීම නිසා ඇතැම් පිරිස් සයිප්‍රස් ගස් මතට නැඟීම නිසා එම ගස්වල අතු කැඩීබිඳී විනාශව ගොස් තිබිණි.
එමෙන්ම නගරයේ පදික මාර්ග ආරක්ෂිත වැටවල් කීපයක්ද කඩා දමා තිබු අයුරු දක්නට ලැබිණි.
වතු කම්කරුවන් පිරිසක් එළිමහන් රංගපීඨ භූමියේ සවි කර ඇති විශාල ප්‍රමාණයේ ඩිජිටල් රූපවාහිනී සැකිල්ලේද නැඟි සිටින අයුරු දක්නට ලැබුණු අතර විශාල පිරිසක් එකතුවන මෙවන් රැස්වීම් කිසිඳු පහසුකම් නොමැතිව සිදු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වු බව ප්‍රදේශවාසීහු පවසති.