(මහින්ද නිශ්ශංක)
මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි සඳහා සහභාගීවන ජනතාව ප්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ 12,000ක් ලබාදීමට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත.
මින් බස් රථ 5,000 ක් ලංගමය මගින් ද බස්රථ 7,000 ක් පෞද්ගලික අංශයෙන් ද ලබා දේ. මුදලට පමණක් බස්රථ ලබාදෙන බව එම ආයතන පවසයි.

