මැයි දිනට ලංගම බස් 1500ක් පක්ෂවලට


මහින්ද නිශ්ශංක
 
මැයි දිනය නිමිත්තෙන් ඒ ඒ දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ලංගම බස් රථ 1500ක් පමණ ලබා දෙන බව ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් චන්ද්‍රසිරි මහතා පවසයි.
 
මෙම බස් රථ සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදලම ගෙවූ පසු දේශපාලන පක්ෂවලට බස් රථ මුදා හරින ලෙස ඒ ඒ ඩිපෝවලට උපදෙස් ලබා දී ඇතැයි ද ඒ මහතා කීය.