මැයි දින සැමරුමට නව නගර ශාලාව නොදුන්නැයි සමාජවාදී සමානතා පක්ෂයෙන් පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


සමාජවාදී සමානතා පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය හා රැස්වීම වෙනුවෙන් ⁣කොළඹ නගර සභාව නව නගර ශාලාව ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් එම පක්ෂයේ නායක විජේ ඩයස් මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාව, නගරාධිපතිනී රෝසි සේනානායක , වැඩබලන නගර කොමසාරිස් , නීතිපති ඇතුළු පස් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

තම පක්ෂයට ජාත්‍යන්තර අනුගාමිකයන් රැසක් සිටින බවත්, එලෙස තම පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය එම ශාලාව ලබා නොදීමෙන් තම අයිතීන් උල්ලංඝණය වී ඇති බවය.එබැවින් එම පෙත්සම විභාගයට ගෙන අධිකරණයට හැගෙන සුදුසු වන්දි ල⁣බා දෙන්නැයිද සමාජවාදී සමානතා පක්ෂයේ නායකයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.