මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්


කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇදුමෙන් මෙන්ම සාමාන්‍ය ඇදුමෙන්ද රාජකාරිවලට යොදවන බවත්, ජනතාවගේ ආරක්ෂාව උදෙසා ගමන් ගන්නා මාර්ගවලද පොලීසියෙන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එදින විශේෂ දරථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැලකිලිමත් ලෙස රිය පදවන ලෙසයි. බාධා නොවන අයුරින් වාහන නැවැත්වීමට තිබෙන ස්ථානවල පමණක් රථවාහන නතර කරන ලෙසත් බීමතින් මැයි රැළිවලට නොඑන ලෙසත් ඔහු ඉල්ලයි.